බස් ගාස්තුව ගැන බස් සංගම් අතර මතභේද


රංජන් කස්තුරි

බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ප්‍රතිශතය හා අවම බස් ගාස්තුව සම්බන්ධයෙන් බස් සංගම් අතර දැඩි මතභේදයක් හට ගෙන තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සියයට 20ක බස් ගාස්තු වැඩිවීමක් හා අවම ගාස්තුව රුපියල් 15ක් විය යුතු බව සඳහන් කරයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ බස් ගාස්තු සියයට 10කින් වැඩි විය යුතු අතර අවම ගාස්තුව රුපියල් 11ක් විය යුතු බවයි.

මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කරන්නේ බස් ගාස්තු සියයට 17න් වැඩි විය යුතු අතර අවම ගාස්තුව රුපියල් 15ක් විය යුතු බවය.

කෙසේ වෙතත් රජය ලබා දුන් සියයට 6.56ක වැඩිවීම ප්‍රතික්ෂේප කරන එම බස් සංගම් හෙට (16) මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයට එක්වීමට නියමිතය.