අජන්ත කුමාර අගලකඩ
බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අද (15) දහවල් අනුමැතිය ලබා දුන්නේය.
දැනට පවතින රුපියල් 10 අවම බස් ගාස්තුව වැඩි නොකිරිමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත.