බස් ගාස්තු වැඩිවන්නේ නැහැ: ගමනාගමන කොමිසම කියයි


(මහින්ද නිශ්ශංක)

ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් කිසිසේත් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. 

වාර්ෂික බාස් ගාස්තු සංශෝධනයකට පසුව අන්තර් වාර බස් ගාස්තු සංශෝධනය සිදුවීමට නම් ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සියයට 4 ඉක්ම විය යුතු බවත් මෙවර ඩීසල් මිල වැඩි වීම සමස්ත පිරිවැයෙන් සියයට 3.2ක් බවත් ජාතික ගමනාගමන කොමිසම කියයි. බස් ගාස්තු අඩු වීම හෝ වැඩි වීම පිළිබඳව තීරණය ගනු ලබන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් බව ද එම කොමිෂන්  සභාව කියයි.