(මහින්ද නිශ්ශංක)
ඉන්ධන මිල සුත්‍රයට අනුව ලබන 10 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින් වැඩිකරනු ලැබුවහොත් බස් ගාස්තු මිලද ඊට පසුදා සිටම වැඩි කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමින්ගේ සංගමය පවසයි.
මෙහිදී දැනට රුපියල් 12 ක් වන අවම බස් ගාස්තුව වැඩි වීමක් නොවන බවන බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
අද කොළඹදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය

