බස් ගමන නවතී


ඩීසල් සහනය ගිවිසුමකින්ම ඉල්ලා පෞද්ගලික බස් අද රටපුරාම වර්ජනය කිරීම නිසා පාසල් සිසුන් සහ කාර්යාල සේවකයෝ අතුලු ජනතාව දස දහස් ගණනින් අතරමංවූහ. අතරින් පතර ධාවනය වූ පෞද්ගලික බස්රථ වලට ද, දිගටම ධාවනය වූ ශ‍්‍රී ලංගම බස්වලටද ස්ථාන කිහිපයනදී පහර දී ඇත.  මාතර පොලොන්නරුව  පෞද්ගලික බසයට වල්ගම දී ද, අමිපාර අමිබලන්ගොඩ ශ‍්‍රී ලංගම බසයට පඹුරණදී ද ප‍්‍රහාර එල්ල වී ඇත.  බොහෝ පළාත් වල පොලිස් විශේෂ බලකාය ආරක්ෂාව සඳහා කැඳවා තිබූ බව මීට ස්වල්ප වේලාවකට පෙර අපේ ප‍්‍රාදේශීය වාර්තාකරුවෝ පැවසූහ. ඡායාරූප - සරත් සිරිවර්ධන/ තිලිණි ද සිල්වා පොලිස් ආරක්ෂාව යටතේ ලංගම බස්රථවලට මගීන් ගොඩවෙන අයුරු