බස් කොන්දොස්තර හිරේ


ගොතටුව නව නගරයේ ආඩ් හේනේදී 2008 අප්‍රේල් මාසයේදී මගියකුට කුඩෙන් ගසා මරා දැමු අංගොඩ කොල්ලුපිටිය පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා වසර දෙකක සිර දඩුවමක් නියම කැර එය විසි වසරකට අත්හිටුවීය.

ටිකට් ප්‍රශ්නයක් මත සරත් විජේදාස නම් මගියකුට කුඩෙන් ගසා මරා දැමු ආරච්චිගේ බී ඒ චමිල  චම්පික අනියම් මිනීමැරැමකට වරදකරු විය.

මිය ගිය විජේදාස මහතාගේ රුපියල් ලක්ෂ එකහමාරක වන්දික් ගෙවන ලෙසත් වන්දිය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් වසරක් සිර දඩුවම් නියම කරන ලෙසත් විනිසුරු නියම කළේය.