බස් අනතුරින් 6 ක් මරුට:50 ක් රෝහලේ


( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුනිල් තන්ත්‍රිආරච්චි )

කළුතර වස්කඩුවේදී  ලංගම බසයක් සහ  පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන්  පුද්ගලයින් 6 දෙනකු මිය ගොස් තවත් පනස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.

 මිය ගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනකු සිටින බවද පොලීසිය  පවසයි.

තුවාලකරුවන් පානදුර හා කලුතර රෝහල්වලට ඇතුළු කර තිබේ. බරපතල තත්ත්වයෙන් පසුවන  කිහිප දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලීසිය  සඳහන් කරයි.

මුලතිව් සිට  තංගල්ල බලා ධාවනය වෙමින්  තිබූ  පෞද්ගලික බසයක් හා ඇල්පිටිය සිට කොළඹ දක්වා  ධාවනය වෙමින් තිබු  ඇල්පිටිය ඩිපෝවට අයත් ලංගම බසයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී තිබේ. 

අනතුර සිදුවූ අවස්ථාවේදී  සිට උදෑසන 7 පමණ වන තුරු   පැය දෙකහමාරකට අධික කාලයක් ගාලු පාර වසා දැමුණු අතර  රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කර වීමටද උතුරු කළුකර පොලීසිය කටයුතු කර තිබිණි.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)