බස් 50ක් හිරේට


බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට බස් රථ 50ක් අධිකරණ අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  වැලිකඩ බන්ධනාගාරයේදී අද (17)  බාර දුන්නේය.

රැඳැවියන් ප්‍රවාහනය කිරිමේදී මහත් අඩුපාඩුවක්වු හිගයට විසඳුමක් ලෙස සැපැයුණු මේ බස් වල වටිනාකම  රුපියල් කෝටි 214 ඉක්මවයි.

බන්ධනාගාර සහ එළිමහන් කඳවුරු වලට මේ බස් බෙදා දෙනු ඇත .

පානීය ජල බවුසර් කිහිපයක්ද බෙදා දුන් මේ අවස්ථාවට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ , බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් එම් ඩි ආර් පුෂ්ප කුමාර , හිටපු බන්ධනාගාර  අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහත්වරු ද ,අමාත්‍යංශ ලේකම් කමලිනි ද සිල්වා  මහත්මිය ද  පැමිණ සිටියහ.

RDS_3804 RDS_3806 RDS_3814  RDS_3846 RDS_3860 RDS_3886