පෞද්ගලික බසයක් සහ ලොරි රථයක් වාරියපොළ දීගිතව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් 27 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොළ පොලිසිය කියයි. තුවාල ලැබුවන්ගෙන් 23 දෙනකු කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන් ගෙන් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි. තුවාලකරුවෝ හතර දෙනෙක් වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබති.

