
(ඩබ්ලිව්. ඒ. අසේල සහ සුරංග රාජනායක)
මහනුවර සිට හේවාහැට බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් මතට අද සවස 4.40ට පමණ හාල්වත්ත ප්‍රදේශයේදී ෆයිනස් ගසක් කඩා වැටීමෙන් බස් රථයේ ගමන් ගත් එක් මගියකු මියගොස් දස දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් හතක පමණ වන පිරිමි පුද්ගලයෙකි.
තුවාලකරුවන් ගලහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කිරීමෙන් පසු කිහිප දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත මාරුකර යවා ඇත.
ප්‍රදේශයට ඇද හැලුණ තද වර්ෂාවත් සමග හමාගිය තද සුළං සමග මාර්ගය අයිනේ තිබූ ගසක් කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුව අවස්ථාවේ බස් රථයේ මගීන් 50ක් පමණ ගමන් කර ඇති අතර ඊට පාසල් දරුවන් කාර්යාල සේවකයන් ද සිට ඇතැයි පොලිසිය කියයි.



