බසයක් පෙරැළී 27 ක් රෝහලේ


(ලසන්ත නිරෝෂණ)

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේ දි පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පසු පෞද්ගලික බසය  මාර්ගයෙන් ඉවතට පෙරළි  සිදු වූ අනතුරින්    පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලීසිය කියයි.  ‍

පෞද්ගලික  බසය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටි අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථය දෙසට එද්දි ත්‍රිරෝද රථය බසයේ ගැටිම වැලක්විමට බස් රියදුරු උත්සාහ ගෙන ඇති බව පොලිසිය පවසයි .

එම අවස්ථාවේදී මාර්ගයේ  පස් ලිහිල්ව බසය අඩි කිපයක  පල්ලමකට මාර්ගයෙන් ඉවතට  පෙරලී  ගොස්  ඇතැයි පොලීසිය සඳහන් කරයි.  තුවාලකරුවන් අතර බසයේ මගින්ද ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ද සිටි .

ෙකහවත්ත මූලික රෝහලට තුවාලකරුවන්  ව්සි දෙනෙකු ද රත්නපුර ශික්ෂණ රෝහලට හත් දෙනෙකු ද ඇතුළත් කර තිබේ