යාපනය සිට වවුනියාව බලා ධාවනය වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථයක් අද සවස යාපනය නුවර මාර්ගයේ , ඕමන්ත විලක්කවයිතකුලම් ප‍්‍රදේශයේ දී පෙරලීයෑමෙන් එක් අයකු මියගොස් 42 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලිසි කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඕමන්ත 563 යුද හමුදා බලසේනා මූලස්ථානයට අනුයුක්තව සේවයකරමින් සිටි ලාන්ස් කෝප‍්‍රල් එ.ඊ රත්නායක (36) බවට හඳුනාගෙන ඇත.
තුවාල කරුවන්ගෙන් පුද්ගලයින් 17 දෙනකුගේ තත්ත්වය බරපතල බව වවුනියාව රෝහල් අරංචි කියයි.

