බලූ සිරුර ගොඩ ගනී


පොල්ලකින් පහරදී රට බල්ලකු මරා දැමූ කුකුළු කොටු හිමියකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය ඇල්සේෂන් බල්ලාගේ සිරුර ගොඩගෙන පශු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට යයි. නෙළුන්දෙණියේ වාම්පිට නිවෙසක ඇති කළ  මේ බල්ලා මරා දමන්නට ඇත්තේ අසල කුකුළු කොටුවක කුකුලන් මරූ නිසා විය හැකි යැයි පොලිසිය සැක කරයි.