බලු පැටියාත් තැඹිලි උගුරක්


සීගිරියට ආ විදේශ සංචාරකයෙක් තැඹිලිගෙඩියක් කපද්දී ඒ අසලට ආ බලු පැටවෙක්ට තැඹිලි පෙවීය.

මෙම විදේශීය සංචාරකයාගේ රට කුමක්දැයි විමසූ විට කියා සිටියේ ලෝකයම එකම රටක් බවයි. එහි වෙසෙන සියල්ලෝම සතුන් බව ද ඔහු කීවේය.