යාබද නිවසේ බල්ලාගේ බිරීමෙන් හා කුකුළාගේ හඬලෑමෙන් තමාට මහත් පීඩාවක් සිදු වන බව කියමින් ඇමෙරිකා ඉන්ජිනේරුවකු වන ජේම්ස් ෆොර්නින් යාපනය නාවල පාරේ ගෙහිමියකුට එරෙහිව පොලිසියට පැමිණිලි කළේය.
බල්ලා අයිතිකරු ග‍්‍රාම සේවා නිලධරයෙකි.
දෙදෙනාම පොලිසියට කැඳවනු ලැබූහග බල්ලා ඉවත් කරන්නැයි පොලිසිය උපදෙස් දුන්නේය.
ග‍්‍රාම සේවා නිලධරයාගේ බිරිය පොලිසියට පැවසුවේ එසේ කිරීමට නම් ගෙදරට පොලිස් ආරක්ෂාව සපයන ලෙසයි.
බල්ලාගේ බුරන්නේත්ල කුකුළා හඬලන්නේත් තමන්ගේ නියමයකින් නොවන බව ඇය කියා සිටියාය.
පොලිසිය පැවසුවේ ලබන පස් වැනි දාට පෙර බල්ලා නිවසින් ඉවත් කරන ලෙසයි.

