බල්ලා හාම්පුතාගේ සොහොන රකියි By None // 2012 අප්‍රේ 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාස දෙකකට උඩදී මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලකු ගැන පුවතක් ඉතාලියේ යුනියෝනේ සාරාදා පුවත්පත වර්තා කරයි. ඉතාලියේ සර්දේනියා පළාතේ ජීවත් වූ ජුසේප්පේ සුක්කා (60)මාස දෙකට පෙර හදිසි හෘදයාබාධයකින් මියගියේය. ඔහුට කිසිදු ඥාතියෙක් නොවීය. ඔහු ළඟ බල්ලෝ එකොළොස් දෙනෙක් හා බළල්ලූ හතර දෙනෙක් සිටියහ. අසල් වැසියෝ ඔහුගේ මළගම සිදුකර බල්ලන් හා බළලූන් රැගෙන ගියේ ඔහුට සැලැකීමක් වශයෙනි. එහෙත් එක් බල්ලෙක් අසල්වාසින් සමග නොගියේය. නිවසින් අතුරුදන් වූ ඒ බල්ලා මාස දෙක පුරාම ජුසෙප්පේ මිහිදන් කළ සුසානභූමියේ ඔහුගේ සොහොන මත ලැග සිටි බව පේපෙ ආනා නැමැති සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියයි. ඔහු උදේ සවස ඒ බල්ලාට කෑම රැගෙන සුසාන භූමියට ගිය ඔහු ‘හචිකෝ’’ යනුවෙන් බල්ලාට නමක්ද තැබීය. හචිකෝ යනු තම හාම්පුතා පැමිණෙන තුරු වසර ගණනාවක් ජපානයේ දුම්රිය ස්ථානයට වී බලා සිටි බල්ලාගේ නමයි. සිබූයා දුම්රිය ස්ථානයෙන් රැකියාව සඳහා පිටත් වූ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිඬේ සබාරු යුනෝ හෘදයාබාදයකින් මියගිය පසු ඔහුගේ බල්ලා මියයන තුරුම තම හාම්පුතා එන තුරු දුම්රිය ස්ථානයට වී බලාසිටියේය. හචිකෝගේ එම කතා පුවත හොලිවුඞ් සිනමා පටයකට ද නැඟිනි. ඉතාලි ආරක්ෂකයා හචීකෝ Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත