
( අම්බලන්තොට සනත් ගමගේ)
අම්බලන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගයේ තවාළුවිල ප්‍රදේශයේ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් තරුණයකු ටිපර් රථයට යටවී එම ස්ථානයේ දීමියගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
බල්ලකු මාර්ගය හරහා පැනීම හේතුවෙන් යතුරු පැදිය නතර කර ගැනීමට යෑමේ දි යතුරු පැදිය පෙරළි ඇත.
ඒ සමග පැදියේ පිටුපස ගමන් ගත් තරුණයා මාර්ගය මැදට ඇදවැටී පිටුපසින් ආ ටිපර් රථයට හිස කොටස යටවීම හේතුවෙන් බරපතල තුවාල ලබා එම ස්ථානයේ දිම මියගොස් ඇතැයි පොලිසිය කියයි.

