බල්ලන්ටද බීර විශේෂයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ බෙන්ඞ්හි ස්කාගාර හිමියෙක් සමත්ව සිටී.
‘‘ඩවුග් ග්‍රොග්’’ ලෙස නම් කර ඇති මේ බීර විශේෂය සාදා ඇත්තේ ශාඛ සාර ජලය හා ධාන්‍ය වර්ග අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින්ය. ‘‘පෝෂ්‍යදායී සෞඛ්‍යාරක්ෂිත දියරමය පානයක්’’ ලෙස හදුන්වාදී ඇති මේ නව බීර විශේෂයේ ඇත්තේ ඉතා සුළු මධ්‍යසාර ප‍්‍රතිශතයක් බව එහි නිමැවුම්කරු කියයි.එනිසා බල්ලන්ද ‘‘හතර ගාතෙන් යනු ඇතැයි’’ සිතීමට අවශ්‍යතාවක් නැති බව ඔහුගේ අදහසයි.
කෙසේ වුවත් බීර බෝතලයක මිල ඇමරිකා ඩොලර් 36 ලෙසය.ඒ මුදලට ‘‘මිනිස්’’ බීර කෑන් 6 ක් පමණ එකවර ගතහැකි වන නිසා සිය සුරතලූන්ටත් රහමෙර පානය හුරු කිරීමට පෙර හිමිකරුවන් දෙවරක් සිතනු ඇතැයි ඇතැම්හු කියති.


