(ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්න නගරයේ දී අද(21) අපොස සාමාන්‍ය පෙළ විභාගය ට යමින් සිටි පාසල් සිසුවියක හා තවත් පුද්ගලයින් දෙදෙනකු සුනඛයෙකුගේ සපා කෑමට ලක්ව ඇත.
එම සුනඛයා නගරයේ සිටි අයාලේ යන තවත් සුනඛයින් කීප දෙනෙකු සපාකා ඇති අතර ප්‍රදේශවාසීන් විසින් සුනඛයා අල්ලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට බාර දෙනු ලැබීය. වලල්ලාවිට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය අමාත්‍යාංශයේ උපදෙස් මත සපාකෑම ට ලක් වූ පාසල් ශිෂ්‍යාවට මුලික ප්‍රතිකාර කර විභාගයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
අනෙකුත් පුද්ගලයින් දෙදෙනා මුලික ප්‍රතිකාර කර නාගොඩ රෝහලට මාරුකර යවා ඇති අතර පාසැල් සිසුවිය විභාගය අවසන් වු සැනින් නාගොඩ රෝහලට යැවීමට කටයුතු කරන බව වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.
අදාල සුනඛයාට පිස්සු බලු රෝගය වැළඳී තිබේදැයි පරීක්ෂා කිරීමට බොරැල්ලට යොමුකළ බව සෞඛ්‍ය නිලධාරීහු කියති.

