බලය බෙදන ලෙස සම්බන්ධන් ඉල්ලයි


උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන  ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන්  යාපනයේදී පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම සදහා යාපනයේ උඩුවිල් මරදනාර්තොට්ටම් ක්‍රීඩාංගනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරු මෙන්ම මන්ත්‍රීවරු ද, සෙසු දේශපාලන ක්‍රියාධරයෝ සහ විද්වත්හුද සහභාගි වී සිටියහ.