බලපිටි දහම් පාසලට 20 ලක්ෂයක පරිගණක


බලපිටිය වඳදූව ශ්‍රී පවරින්දාරාම දහම් පාසලේ දරුවෝ පිරිසක් පරිගණක තෑගි ලදහ. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ   තානාපති කාර්යාලයේ හර්ලි සේනානායක මහතා රුපියල් විසි ලක්ෂයක් පමණ වටිනා පරිගණක දහම් පාසලට පිරිනැමීය.

අභාවප්‍රාප්ත සිය මෑණියන් සිහිවීම පිණිස ඔහු මේ වසරේ එම පාසල තෝරාගෙන ඇත. හැම වසරකම ඔහු ලංකාවේ දුෂ්කර පළාත්හි අඩු ආදායම් ලාභී දරුවන් වෙනුවෙන් මෙවැනි පරිත්‍යාග කරයි.

සේනානායක මහතා ගිය වසරේ තෙල්දෙණිය නාලන්දාරාමයට සිය පරිත්‍යාග පිරිනැමීය.

IMG_3968 IMG_3969 IMG_3970-(1)