පුවටෝ රිකෝ හා එංගලන්තයේ වේල්ස්හි බැඩ්මින්ටන් තරග තුනකින් රන් පදක්කම දිනූ නිලූක කරුණාරත්න අද (25) දිවයිනට පැමිණියේ ප්‍රභූ පර්යන්තයේ උණුසුම් පිළිගැනීමක් සමගය.
අම්බලන්ගොඩ කුලරත්න, ධර්මාශෝක හා රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ නිලුක (26) බලපිටියේ උපන්නේය. අන්තර් ජාතික තරග තුනකින් ශ්‍රී ලංකාවට ජය ගෙන දුන් එකම ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමුළුවේ සබාපති පරාක්‍රම බස්නායක මහතා කියයි.