බලපත් රහිත ගුවන් විදුලි නාලිකාවක් වටලයි


විනීතා එම් ගමගේ
 
බලපත්‍ර රහිතව  ගුවන් විදුලි නාලිකාවක් පවත්වා ගෙන  ගිය  පුද්ගලයින් සිව්  දෙනෙකු හා ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් උපකරණ තොගයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව කළ වැටලීමක දී අත් අඩංගුවට ගෙන ඇත.
 
මෙම නාලිකාව දැරණියගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් ඇති අතර එම ප්‍රදේශයෙන් දැන්වීම් විශාල ප්‍රමාණයක් විකාශය කිරීම සඳහා ලබාගෙන තිබු බව කොමිෂන් සභාව කළ මූලික පරික්ෂණවලදී හෙළි වී යැයි එහි අධ්‍යක්ෂ ජනරාල්  ශාමල් ජයතිලක මහතා ලංකාදීපයට පැවැසීය.
 
කොමිෂන් සභාව සතු අති නවීන පිරික්සුම් යන්ත්‍ර යොදා ගෙන මෙම ගුවන් විදුලි නාලිකාව පවත්වාගෙන ගිය ස්ථානය ⁣සොයා ගත් බව  හෙතෙම සඳහන් කළේය.
 
විදුලි සංදේශ නියාමන පනත අනුව තරංග විමෝචන උපරණ බලපත්‍ර රහිතව භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.