බලන්ගොඩ රෝහලේ කාර්ය සහයකයෝත් ලෙඩ නිවාඩු දමති



(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  මූලික රෝහලේ  සෞඛ්‍ය කාර්ය සහයකයින්  සහ තවත්  සුළු  සේවා  අංශ  කිහිපයක කාර්ය  මණ්ඩලය  අද (24) අසනීප නිවාඩු  දමා සේවයට වාර්තා  කර  නොමැත.

රැකියා  ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බහු කාර්ය  සංවර්ධන  විශේෂ  කාර්ය  බලකා  දෙපාර්තමේන්තුව හරහා බඳවා  ගනු ලැබූ සේවක පිරිස්  රෝහල්වලට අනියුත්ත  කිරීම  මගින්  දැනට සේවය කරන  සෞඛ්‍ය කාර්ය සහයක  සහ උපස්ථායක  කාර්ය  මණ්ඩලවල ශ්‍රේණින්  පහත වැටීමක්  සිදුව  ඇතැයි  පවසමින්   ඔවුන් වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

එම පත්වීම්  නිවැරදි  කරන ලෙස  රජයට බල කරමින්  සෞඛ්‍ය කාර්ය  සහයකයින්   190 කට වැඩි  පිරිසක්   රෝහලේ සේවයට වාර්තා  කර  නොතිබිණි. ඔවුන් මේ බව දන්වා  රෝහල ඉදිරිපිට පොස්ටර් ද  ප්‍රදර්ශනය  කර තිබුණි.