බලන්ගොඩ නගරයේ ඌරු මස් විකිණීමට අවසර


(සම්පත් ප්‍රියනන්දන)

බලන්ගොඩ  නගරයේ  ඌරු මස්  විකිණීම  සදහා  වෙළඳසළක්  ආරම්භ කිරීම සඳහා ගෙන  ආ යෝජනාවක්  වැඩි  ඡන්ද   නවයකින්  අද (11)  බලන්ගොඩ  නගර සභාවෙදී සම්මත විය.

අද පැවැති  මාසික මහ සභා රැස්වීමේදී  එක්සත් ජාතික  පක්ෂය නියෝජනය  කරන සුනේත්‍රා  වීරසිංහ මන්ත්‍රීවරිය විසින්  බලන්ගොඩ  නගරයේ  ඌරු මස් අලෙවි  කිරිම සහා  වෙළඳසළක්  ආරම්භ  කිරීමට අවසර ලබා දිය  යතු බවට කළ යෝජනාවකට  අනුව   ඡන්ද විමසීම   සිදු  කෙරිණි.

එහිදි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ,ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය  නියෝජනය  කරමින්  යෝජනාවට  පක්ෂව ඡන්ද  13 ක්  ලැබුණු  අතර විරුද්ධව ඡන්ද  4ක්  ලැබිණි.