බලන්ගොඩ කොණ්ඩා කැපීම ඇරඹෙයි


සම්පත් ප්‍රියනන්දන සහ නාලක හෙට්ටිආරච්චි

බලන්ගොඩ  නගරයේ  කොණ්ඩා  කපන ආයතන  දැඩි  සෞඛ්‍ය  උපදෙස්  මත  අද (13) විවෘත  කෙරිණි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත විමේ අවදානමත් සමග  කොණ්ඩා කපන ස්ථාන  මාස  එකහමාරක  කාලයක්  වසා දමා තිබුණි.

එම ආයතන ⁣ බලන්ගොඩ  සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ ඉල්ලීමක්  මත මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ අධික්ෂණය යට⁣තේ  නැවත  විවෘත කිරිමට ඉන්  කිහිපයකට අවසර ලබා දි ඇත.