බලංගොඩ ෆේස්බුක් සාදයේ දී අත්අඩංගුවට ගත් 53 දෙනාට දඩ


(සම්පත් ප්‍රියනන්දන  සහ ප්‍රින්ස් රත්නායක) 

බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් තුළදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය  සමඟ  අත්අඩංගුවට ගත්  53දෙනාට දඩ ගෙවන ලෙස බලන්ගොඩ  මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද  (17) නියෝග කළේය.

එයින් හෙරෝයින්  ළඟ තබාගත්  පුද්ගලයන්  සිව්දෙනෙකුට 10,000 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා අයකුට 10,000 ක් ද සහ ගංජා ළඟ තබාගත් ඉතිරි 49 දෙනාට රුපියල්  2,500 සහ 3,000 ක දඩ ගෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස දඩ නියම වුයේ  කාන්තාවන් සිව්දෙනෙකුට සහ පිරිමි පුද්ගලයන්  49 දෙනෙකුටය.

බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී සුරාබදු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය්‍ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලයට බාරදී තිබේ.