පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් රක්වාන ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉහළම ලකුණු ප්‍රමාණය වන 173 ක් ලබාගත් පසිඳු සංදීප සිසුවාට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල මනොමාර විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව ලකුණු 166ක් ලබාගත් කවීෂා ලක්ෂානි සිසුවියට 2016 ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ ඉගෙනීමේ සියල්ල අවසන් වනතුරු මාසිකව රුපියල් 2000 ක් බැගින් දිරි දීමනාවක් ලබාදීමට පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරය සැරසෙයි. විහාරාධිපති මුරුංගස්යායේ ඥානිස්සර හිමියෝ ඒ බව එසැණට පැවසුහ.
මෙම දරුවන් දෙදෙනාගේ පවුල් දෙක දැනට පත්ව ඉන්නා අසරණ භාවය පිළිබඳව ලංකාදීප එසැණ මඟින් දැනගත් පසුව විහාරස්ථානයේ දායකයින්ගේ යෝජනාවක් අනුව වැඩපිළිවෙළ සුදානම් කළ බවද ඉදිරියේදී එම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් පිළිබඳව විමසිල්ලෙන් සිට අවශ්‍ය උපකාර සැලැස්වීමට කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් ඇති බවද දැනට එම පවුල් සඳහා අවශ්‍ය නිවාස පහසුකම් ලබාදීමට නිලධාරීන් කටයුතු කර ඇති බව දැනගැනීමට ලැබීම පිළිබඳව සතුටු වන බවද ඒ හිමියන් පැවසුහ.

