සරත් සෘතුවේ දී උතුරු ඇමෙරිකාවේ පැතිර යන බටහිර නයිල් වෛරසය වැළැඳුණු රෝගීන් දෙදෙනකු පසුගිය නොවැම්බරයේදී කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමත් සමග කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයෝ පිරිසක් පර්යේෂණයක් ඇරැඹූහ.
බරවා රෝගය බෝකරන කියුලෙක්ස් මදුරුවා හා කාක්කන්, පොල්කිච්චන්, ගේ කුරුල්ලන්, මයිනන් ආදී සතුන් වාහකයන් බව පර්යේෂකයෝ කියති.
එවැනි කුරුල්ලකු දෂ්ට කරන කියුලෙක්ස් මදුරුවා මිනිසාට දෂ්ට කිරීමෙන් වෛරසය බෝවෙයි.
මොළේ උණ යනුවෙන් හැඳින්වෙන මෙම වෛරසය ශරීර ගත වූ විට මෂ්තිෂ්ක සුසුම්නා පටලය හා මොළය ඉදිමෙන බව පර්යේෂකයෝ කියති.
මෙම පර්යේෂණ කණ්ඩායමට ස්නායු වෛද්‍ය විශේෂඥ තාසි චෑන්, කොළඹ සරසවියේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ දොස්තර කරුක්ෂි අරඹෙපොළ, ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ ප්‍රතිශක්ති විද්‍යාඥ දොස්තර නීලිකා මලවිගේ හා පශ්චාත් උපාධි පර්යේෂණ ශිෂ්‍ය ජනර්ථනී ලෝහිතරාජා මෙම පර්යේෂණ කණ්ඩායමට අයත් වෙති.
කොළඹ ජාතික රෝහලේ හා බොරැල්ලේ ළමා රෝහලේ ස්නායු වෛද්‍යවරු හා සෙසු වෛද්‍යවරු පිරිසක් ඊට සහාය දැක්වූහ.
ජාතික පර්යේෂණ මණ්ඩලය මෙම පර්යේෂණයට අරමුදල් සැපයීය.
මොළයේ උණ කොටස් තුනකට ගැණෙන බවත්, මෙනින්ජයිටිස් හා එන්සෙපලයිටිස් ඉන් කොටස් දෙකක් බවත්, එම කොටස් දෙකේ සංකලනය මෙනින්ජෝඑන්සෙපලයිටිස් යනුවෙන් හැඳින්වෙන බවත් එය තුන්වැනි තත්ත්වය බවත් පර්යේෂකයෝ කියති.
තද උණ, හිස කැක්කුම, බෙල්ලේ තද ගතිය, අව සිහිය මංමුලාව, මූර්ඡාව, වලිප්පුව, ගැස්ම, මාංශපේෂි දුර්වලතා පෙනීමේ දුර්වලකම් හිරි වැටීම හා ක්‍රියා ශක්තිය නැතිවීම රෝග ලක්ෂණ බව කියති.