බරපතල වංචා පිරික්සුමට විශේෂ කණ්ඩායමක්


බරපතල වංචා දුෂණ රාජ්‍ය  සම්පත් වරප්‍රසාද බලය  සහ අධිකරණය අනිසි ලෙස භාවිතා  කිරිම සම්බන්ධව විමර්ශණය කිරිම සඳහා වු  ජනාධිපති  කොමිෂන්  සභාව සඳහා  සහකාර  පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත එකොළොස් දෙනෙකුගෙන් යුතු පොලිස් කණ්ඩායමක්  පත්කර  තිබෙන බව කොමිෂන් සභාවේ  ලේකම් ලැසිල් ද සිල්වා  මහතා  පැවසීය.

සහකාර  පොලිස්  අධිකාරි ඩබ්.එල්.පි.එම්.අබේසේකර  ප්‍රධාන පොලිස්  පරීක්ෂකවරුන් වන ජි.පී.බෝධිපක්ෂ, ආර්.ලී.ආර්.රාජපක්ෂ, ඊ.ඒ.එල්.එම්.එගොඩවත්ත, උප පොලිස් පරික්ෂක පී.පී. ගුණරත්න යන මහත්වරුන් සහ පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපල්වරුන් හයදෙනෙකු එම කණ්ඩායමට අයත් වෙති.

තවත්  පොලිස් නිලධාරින් අට දෙනෙකු මෙම කණ්ඩායමට  අනුයුක්ත කීරිමට  නියමිතය. ඒ අනුව විසි දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් මෙම කොමිෂන් සභාවට  අනුයුක්ත කරනු ලැබේ.