බරපතල අපරාධ විනිශ්චයට විනිසුරුවරුන් පත්කරන්න


ආරියරත්න රණබාහු සහ සුජිත්  හේවාජුලිගේ

බරපතළ අපරාධ නඩු විනිශ්චය කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරු 35 දෙනෙකු පත් කිරීමේ බලය  ජනාධිපතිවරයා සතු වගකීමක් බැවින් එම පත් කිරීමේ කඩිනමින් සිදුකරන්නැයි දුෂණ විරෝධි නෛතික කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජික රාජ්‍ය ඇමති නීතිඥ අජිත් පී . පෙරේරා මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එසේම නීතිපති දෙපාර්තුමේන්තුවේ ගොඩ ගැසී ඇති නඩු වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිඥවරුන් 100 දෙනෙකු බඳවා ගැනීමට නීතිපතිවරයාට කැබිනට් අනුමැතියෙන් බලය ලැබී ඇති හෙයින් ඒ අනුව එම බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස නීතිපතිවරයා ලෙස ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමතිවරයා කීය.

රාජ්‍ය ඇමතිවරයා එම අදහස් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සම්බන්ධිකාරකවරයා ගේ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීය.