බර බාගෙයි නව තාක්ෂණෙයි ගමට ඉසුරු සදයි


අලි ඇතුන් පිට යෑමට ද කරත්ත චාරිකාවෙන් වනය හා වන සතුන්  බැලීමට ද එන විදෙස් සංචාරකයින් නිසා හබරණ හිරිවඩුන්න ගමේ දුප්පතුන්ගේ බත් හැලිය  ඉදෙයි.  නැතිවි යන බර  බාගේ ද  නව තාක්ෂණයේ ජංගම දුරකතනයේ ද ඔවුන්ගේ  පිහිටට එයි. ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ සංචාරකයාය. හිරිවඩුන්නේ සිට රජ්ජුමාලා වැව හා මින්නේරිය  වැව් දක්වා මහ කැලෑව මැදින් කරත්ත දොළහක් සංචාරක චාරිකාවට සුදානම් කැර ඇත. ගොන් දෙන්නා බැදි කරත්තේ  සංචාරකයින් සිව් දෙනා බැගින් ගම වටා රැගෙන යාමට එක් අයකු ගෙවිය යුතු ගාස්තුව රුපියල් 700කි.