(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ එම කන්ටේනර් අංගනයේ කම්කරු සේවකයකු ලෙස රැකියාව කරන කොළොන්නාව පුවක්ගහ වත්ත පාර පදිංචිව සිටි රංජිත් පෙරේරා නැමති 65 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් බර එසවීමේ යන්ත්‍රයේ රියදුරු වන අලව්ව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
අනතුර සිදුවූ කන්ටේනර් අංගනයේ එම ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බවත් සියලු සේවකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබියදී මිය ගිය සේවකයා අංගනය තුළ වර්ෂාවක් සමග ඇතිව තිබූ වතුර සහිත ස්ථානයක් මගහැර යාම සඳහා බර ඔසවන යන්ත්‍රය අසලින් ගමන් කිරීමේදී එහි පිටුපස රෝදයට යටවී මෙම හදිසි අනතුර සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වීඇත.