බඹරුන් නොමරා වද ඉවත් කරයි


වික්ටෝරියා වේල්ලේ අලුත්වැඩියා කටයුතුවලට බාධාවක් වෙමින් පැවති බඹර වද දෙකක් ඉවත් ඉවත් කිරීමට මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වූවාය. මෙගා සමාධි විජේසිං නමැති ඇය මෙවර වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියි.

ඇයට මේ සඳහා අවශ්‍ය වූයේ දොඹකරයක් පමණි. කිසිදු මැස්සකු නොමරා ඇය මේ සමත්කම කළාය. වික්ටොරියා වේල්ලේ අලුත්වැඩිය කිරීමට මේ බඹර වද බාධාවක් බව බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයට දැනුම් දීමෙන් පසු ඇය එම සංවිධානයේ ජාතික සංවිධායක සහ තාක්ෂණ ශිල්පී තුෂාර මහින්ද විජේසිංහ මහතා සහ ලේකම් තිස්ස බණ්ඩාර තබවිට, ජානක සුරේෂ් සාමන්ත, නුවන් කීර්තිරත්න, ප්‍රදීප් සඳරුවන් යන මහත්වරු ද සමග පැමිණ මේ කාර්යය ඉටු කළාය.

වයස අවුරුදු 13 දී සිට මී මැසි පාලනයේ යෙදෙන ඇය බිඟු සම්පත් සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරිනියකි.

DSCN7881 DSCN7895 DSCN7911 DSCN7955 DSCN7962 - Copy