බඹරු ඇන 18 ක් රෝහලේ


(ලක්මි කුඩලිගම )

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු කර ඇතැයි කියයි.

ප්‍රහාරයට ලක්වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකු අගලවත්ත පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇති බවත්  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .  ප්‍රහාරයට ලක්වූ තවත් දස දෙනෙකු පමණ දේශීය වෙදකම් කරමින් සිටින බව ගම්වාසීහූ කියති.

ෙසිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බව ගම්වාසීන් වැඩිදුරටත් පැවසීය .

පිඹුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළුවූ දෙදෙනකු පිටව ගොස් ඇති බවත්, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයා සදහන් කල අතර ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවද රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කලේය.