(සමන් පාලිත නානායක්කාර )
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් බඹරකන්ද ඇල්ල ආශ්‍රිත සංචාරක කලාපය අද ( 18 ) සිට නැවත දැනුම් දෙන දෙන තුරු තාවකාලිකව වසා දමනු ලැබූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් හෙට්ටිගේ මහතා පැවසීය .
වංගෙඩිගල, උඩ දියලුම, ගලපිට ගල, දියලුම ඇල්ල,පාසි ඇල්ල යන ප්‍රදේශ නැරඹීම සඳහා ද මේ දිනවල නොපැමිණෙන ලෙස හල්දුම්මුල්ල සභාපති හෙට්ටිගේ මහතා ඉල්ලා සිටී.
අවශ්‍ය ස්ථාන වල අදාල දැන්වීම් පුවරු ද සවි කර තිබේ .

