(ඉන්දික අරුණ කුමාර)
බඹර ප‍්‍රහාරයක් හේතුවක් නාඋල ශ‍්‍රි නාග පාසසේ පාසල් දරුවන් සිවි දෙනෙකු අද (15) රෝහල් ගතකර තිබේ. ශ‍්‍රි නාග ජාතික පාසලේ ‘තාක්ෂණ පීඨ ’ ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කලක් තිස්සේ බැදතිබු බඹර කූඩුවක් සුළං හේතුවෙන් ඇවිස්සි තිබේ. එම අවස්ථාවේ යාබව පිහිටි ක‍්‍රිඩා පිටියේ රැදී සිටි පාසල් දරුවන් පිරිසක් බඹර ප‍්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් පාසල් දරුවන් තිදෙනෙකු නාලන්ද රජයේ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් දරුවෙකු දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන හෙයින් ප‍්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වී ඇති බඹර කුඩුව කඩිනමින් ඉවත් කිරිමට පියවර ගන්නා බව නාඋල පොලිසිය කියයි.



