( ඩී.කේ.රත්න)
ඇටම්පිටිය නිළිඅතුගොඩ ප‍්‍රදේශයේදී බඹර ප‍්‍රහාරයකට ලක්වීමෙන් අද (6)සවස පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇටම්පිටිය පොලීසිය පවසයි.
ඇටම්පිටිය නිළි අතුගොඩ සිවිය වැල්ගොල්ල මැදගෙදර පදිංචි ඒකනායක මුදියන්සේලාගේ මිත‍්‍රසේන නැමති පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු බඹර ප‍්‍රහාරයකට ලක්වීමෙන් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා ඇටම්පිටිය කිංග්රෝස් වතුයායේ වැඩකරමින් සිටියදී මෙසේ බඹර ප‍්‍රහාරයකට ලක්වී තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට ඇටම්පිටිය දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
ඇටම්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇටම්පිටිය පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

