බඹර කන්දෙන් වැටුණු පුද්ලයාගේ සිරුර හමුවෙයි


සමන් පාලිත නානායක්කාර
 
බඹර කන්ද දිය ඇල්ලෙන් පහළට වැටුණු පුද්ගලයකුගේ මළ සිරුරක් අද (29) හමුවූ බව හල්දුම්මුල්ල පොලිසීය කියයි.
 

දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් අතර සිටි  පුද්ගලයකු එක් වරම ඇද වැටුණු දුටු බව පැවසීමත් සමඟ ප්‍රදේශවාසීහු දිය ඇල්ල පාමුල සෝදිසි කිරීම ඇරඹූහ.
 
මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හල්දුම්මුල්ල දිසා රෝහලට රැගෙන යාමට නියමිතය.