බම්බලපිටියේ දොස්තර ළඟ පරණ බෙහෙත්?


කොළඹ රිජ්වේ ළමා රෝහලේ දොස්තර ප්‍රියංගනීට මරු කැඳවූ බම්බලපිටියේ කොස්මටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ පැය හය හමාරක් තිස්සේ පිරික්සූ විශේෂඥ වෛද්‍ය හා රස පරීක්ෂක කණ්ඩායම එක දෙක තුන යන කාමරවලට සීල් තැබීය.

කල් ඉකුත් වූ බෙහෙත් ද, පෙති නිශ්පාදන යන්ත්‍රයක් ද එහි තිබූ බව පොලිසිය කියයි.

දොස්තර නිහාල් ගමගේගේ නිවස ද පරීක්ෂාවට ලක් විය.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, රජයේ රස පරීක්ෂක ඇතුළු විශේෂඥ වෛද්‍යවරු හා රස පරීක්ෂක විද්‍යාඥයෝ දස දෙනෙක් පමණ මේ සෝදිසියට එක් වූහ.

යළිත් මෙම ස්ථානය සෝදිසි කරන බව ඔවුහු කීහ.

බම්බලපිටිය පොලිසියේ උප පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතා එම කටයුතු සම්බන්ධීකරණය කළේය.