බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය කපලා


(යොහාන් භාසුර)

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි බිල නොගෙවීම නිසා විදුලිය සැපයුම ඊයේ (24) සිට විසන්ධි කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා විදුලි බිල ගෙවා නොමැති බවත් දින දෙකක් තිස්සේ විදුලිය නැවත ලබා දීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වීම කණගාටුවට කරැණක් බවත් දුම්රිය වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.