(යොහාන් භාසුර)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විසන්ධි කර තිබූ විදුලි සැපයුම නැවත අද (26) පස්වරු 12.30 ට පමණ සක්‍රීය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ රුපියල් ලක්‍ෂ 9 කට ආසන්න (877,741.90) හිඟ විදුලි ගාස්තුවක් තිබීම නිසා මීට දින දෙකකට පමණ පෙර එහි විදුලි සැපයුම විසන්ධි කළේය.

