බනිස් කෑල්ලක් සිරවී තුන් හැවිරිදි දැරිය මරුට


(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)                

බනිස් කෑල්ලක් පිට උතුරේ හිරවිමෙන් අසාධ්‍යව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි තුන් හැවිරිදි වියේ පසුවන බිලිඳියක් අද ( 6 දා ) උදේ මිය ගිය බව හලාවත පොලිසිය කියයි.

ඇගේ මව විසින් දැරියට බනිස් ගෙඩියක් කෑළි වලට කඩා කවමින් සිටිය දි ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කර ප්‍රාථමික සත්කාර ඒකකයෙහි රඳවා ප්‍රතිකාර ලබා දෙන අතරේ මියගොස් තිබුණි.


මෙසේ මියගොස් තිබෙන්නේ හලාවත මැල්පුර විසු ලංකා හළුගේ අමෙලියා විතාරා ප්‍රනාන්දු ( 3 ) නමැති දැරියයි
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි.



මේ ඡායාරූපයේ සිටින්නේ විතාරා දියණියයි.