(ඉන්දිකා රාමනායක)
පොල්ගහවෙල ප‍්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියදී කෑගල්ල බන්ධනාගාරයෙන් පලාගොස් සිටි සැකකරුවකු අද (12) පොල්ගහවෙල ඔරලියද්ද ප‍්‍රදේශයේ බෝර 12 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සැකකරු 2018.2.25 දින මෙම ඝාතන සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටියදී 2018.12.20 දින බන්ධනාගාරයේ දී පලාගොස් ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය, තම්බෝව පදිංචි කි‍්‍රස්ටෝපර් ප‍්‍රනාන්දු හෙවත් ජීවන්ත (38) නැමැත්තා බව පොලිසිය පවසයි.
බන්ධනාගාරයේ පලාගොස් සිටි සැකකරුවකුට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

