බන්ධනාගාරයට රැගෙන ආ බෝතලයක් තුළ තිබී සිම්පත් 2 ක් සොයාගනී


(ජයන්ත සමරකෝන්)

මැගසින් බන්ධනාගාරයට රැගෙන ආ සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එම සැකකරු ගෙන ආ වතුර බෝතලයක මූඩිය ගලවා බැලූ විට එහි සූක්ෂම ලෙස සඟවා තිබූ සිම්පත් දෙකක් සොයා ගත්බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරු අධිකරණයේ සිට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා රැගෙන ආ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ප්‍රධාන දොරටුවේදී සිදුකළ පරීක්ෂාවේදී මෙම තහනම් භාණ්ඩ සොයාගත් බව  බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

සොයාගත් සිම්පත් දෙක බන්ධනාගාර බුද්ධි අංශයට බාරදී තිබේ.