(සිතුම් චතුරංග)
වවුනියාව බන්ධනාගාරය වෙත මත්ද්‍රව්‍ය බෙදාහරින එකම පවුලේ සහෝදරයින් දෙදෙනක් කේරළ ගංජා ග්‍රෑම් 96ක් සමඟ වවුනියාව බන්ධනාගාරය ආසන්නයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
සැකකරුවන් කේරළ ගංජා හා වෙනත් මත්ද්‍රව්‍ය යොදා ටෙනිස් බෝලයක් මෙන් සකස් කරගත් මත්ද්‍රව්‍ය, බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකර බන්ධනාගාරය තුළට දමන බවට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන් වෙත මත්ද්‍රව්‍ය ගෙන ජාවාරම්කරුවන් පිළිබඳ වවුනියාව නොවිසිඳුණූ අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ කාලයක් සිදුකළ විමර්ශනයකදී සැකකාර අයියා මලෝ දෙදෙනා සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් දෙදෙනා බන්ධනාගාරය තුලට තම ඥාතීයකු බැලීම සඳහා පැමිණෙන බව පවසා උපක‍්‍රමශීලිව දීර්ඝ කාලයක සිට විවිධ මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ඇති බවයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව සෙට්ටිකුලම මැණික්ෆාම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ත් 23ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

