බන්ධනාගාරගතව සිටින්නන් අතර උපාධිධාරීන් 114 ක්


( ජයන්ත සමරකෝන්) 
 
බන්ධනාගාරගතව සිටින සිරුකරුවන් 24,000  දෙනා  අතර උපාධිධාරීන් 114 ක් සිටින  බව බන්ධනාගාර ආංචි මාර්ග කියයි.
 
මත්ද්‍රව්‍ය මුදල් වංචා, ව්‍යාජ ලියකියවිලි  සකස් කිරීම් , කුට්ටනය ඇතුළු විවිධ චෝදනා යටතේ මෙම පිරිස සිරදඬුවම් විදින බව පැවසේ.
 
 මෙම උපාධිධාරීන් අතර එක් කාන්තාවක් ද සිටී.  කිසි දිනෙක  පාසල් නොගිය සිරකරුවන් 1376 දනෙක්ද, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත් සිරකරුවන් 3066 ක් ද, උසස්පෙළ සමත් සිරකරුවන් 1174 ක්ද සිර දඬුවම් විදින පිරිස අතර  සිටින බවද වාර්තා වේ.
 1-5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදෑරූ 3,193 ක්ද, 5 වැනි ශ්‍රේණිය සමත් 6,450 ක්ද, 8 වැනි ශ්‍රේණිය සමත් 3,797 ක් ද  බන්ධනාගාරවල සිර දඬුවම් විදින බව හෙළි වී තිබේ.