
(ජයන්ත සමරකෝන්)
මත්කුඩු අහේනියෙන් පෙලෙන රැඳවියන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවී ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මත්කුඩු නොමැතිව බොහෝ රැඳවියන් කුඩුසික් මතින් රෝගීව සිටින බව මීගමුව බන්ධනාගාරය පවසයි.
මේ හේතුවෙන් බන්ධනාගාර සිරමැදිරි තුළ හා ඉන් පිටත කලහකාරී ලෙස හැසිරෙන කුඩු සික් වැළඳුණු රැඳවියන් මෙල්ල කිරීම අපහසු වී ඇතැයිද පැවසේ.
ඇතැම් රැඳවියන් දිවි නසාගැනීමට පවා පෙළඹී ඇති අතර, එවැනි සිද්ධීන් දෙකක් ගත වූ දින කිහිපය තුළ කොළඹ රිමාන්ඩ් හා බූස්ස බන්ධනාගාරවලින් වාර්තා වී තිබේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු වැටීමෙන් මියගොස් ඇතැයිද සඳහන් වේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාරවලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළ යටතේ බන්ධනාගාර බොහොමයකට ම කුඩු ගෙනයාම වැළකී ඇතැයිද වාර්තා වේ.

