බන්ධනාගාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ළඟ දුරකතනයක්



 
 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කලුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සුපිරි පහසුකම් වලින් සපිරි බී පහ වාට්ටුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සන්තකයේ තිබී ත්‍රී.ජී වර්ගයේ දුරකථනයක් අද (31) සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ පිළිබඳ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ අමාක්‍යංශයේ අවසරයකින් තොරව මේ සම්බන්ධ තොරතුරු ලබාදිය නොහැකි බවයි.