
බන්ධනාගාරවල දැනට ක්‍රියාත්මක වන බුද්දි ඒකකය එම කාර්යය සඳහා පමණක් සීමා නොවී සෙසු වගකිය යුතු රාජකාරි සඳහා ද යෙදවිය හැකි පරිදි ප්‍රතිසංවිධානය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, සාමාන්‍ය බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබන රාජකාරිවලට අමතරව හඳුනාගත් විශේෂ රාජකාරි පැවරීමට හැකි වන පරිදි, දැනට ක්‍රියාත්මක වන බන්ධනාගාර බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වශයෙන් ප්‍රතිසංවිධානය සිදුකෙරෙනු ඇත.
බන්ධනාගාරයේ බුද්ධි ඒකකය විසින් විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරලි මර්දනය, ආරක්ෂක රාජකාරි සිදුකිරීම වැනි කාර්යයන් සඳහා ද යෙදවිය හැකිවන පරිදි මෙම ප්‍රතිසංවිධානය සිදුකෙරේ.

